Saturday, June 16, 2012

.
කවුරුදෝ කාටදෝ
ගැයූ පෙම් ගීයක්
මන්ද්‍ර ස්වරයක් නගා
සුළං හා වියැකෙයි.

ගහකොළ තුරුල් වී

රහස් ගොන්නක් කියා
සඳ පහන එන්ට පෙර
කළු පොරෝනය එළයි.

හෙවනැලි රාශියක්
ඉතා දිගු අඩි තියා
රෑ වෙන්න පෙරාතුව
හුඹස් ඇතුලට වැදෙයි.

ඈත ග්‍රහ ලෝකෙක
මං වැනිම තව කෙනෙක්
අකුරු මැද හිස හොවා
වැරදි කවියක් ලියයි.

1 comment:

  1. නන්නාදුනන පෙම් ගීතය
    මැකී යයි සුළං රළ හා මුසුව..
    මුමුණා'තර ආදර වදන් නිල් ගහකොළ,
    සද ඉතිරෙයි කදු මුදුන් මත්තෙහි සනීපෙට..!

    ඒ අතර..
    මේ දැනෙන කවිතාලය...

    ReplyDelete