Monday, July 16, 2012


......ලියුමකි.....
මකුළු මහතාණෙනි
ඔබ වියූ දැල් ඉතා යහපති.
තව තවත් පැටලෙන්න හිත ඇති.
එහෙත් මොහොතකින්
ගැලවෙන්නද හැකි.
මගේ උපදෙස් පිළිගෙන
මට උදව් කරනවා ඇති.
සතියක් හමාරක්
පැටලී පැටලී ඉනු කැමති
සවිමත් දැලක්
වියා එව මැනවි.
.
ගිරා පෝතකය
කන් කරච්චලයකි
විටෙක නුඹ මට
මා කියනතෙක් බලා හිඳ
එවදන්  එලෙසම දොඩන.
අර බලන්
කවුඩු තෙම
නොසරුප් බස් වුව
හිතු මනාපෙට කියවන.

Tuesday, July 10, 2012

.

අවසන් මල් පෙත්ත
ඒ නිසයි
මුවා කලේ සුළඟ
අතැඟිලි වලින් වුව.
.
මාය සමනළ
මල් උයනක් මැද
නිරාහාරව මියගිය.
උයන කෙලවර
කිරිගරුඬ රුවකට
පෙම්කල.

Sunday, July 08, 2012

.
මල් ඇත
තවම පර නොවුණු
දවස අවසන
ඉවත යා යුතු.

Saturday, July 07, 2012

.
එතැන් සිට
සියළු දෙයම වෙනස් විය.
පහුරුගාගෙන පහුරුගාගෙන ගොස්
කීරි ගැහෙන පපුතුරේ
නුඹ පිපුණි දේදුන්නක් ලෙස.
සැබෑ අයිතිකරු විත්
ඇඟිල්ල දිගුකර ආකහේට
අතුරුදහන් කරවන්ට
ස්වල්ප මොහොතකට පෙර.

Wednesday, July 04, 2012

.
නාඳුනන
කෙස් ගසකි
කබා කර මත.
හෙට උදෙත්
බත් බඳිමි
පුරුදු වූ ලෙස.

Sunday, July 01, 2012

..
රාධා
ගල්කුළ උණුසුම්ය
නුඹ වැතිර හුන් තැන
මොහොතකට පෙර
තවම.
උණුසුමෙන්
නිමෙමි.

ක්‍රිෂ්ණා
තෙත්බරය වස්දඬුව
නුඹ දෙතොල් තැබූ තැන
මොහොතකට පෙර
තවම.
සිහිලසින්
දැවෙමි.