Monday, January 26, 2015

ඔබ නෙමෙයි වැරදිකරු!!!


.
ඔබ 
පාර ඉවරවූ පසු
 නැවතුනා.

මම 
තනියමම 
තව ටිකක් දුර ගියා.

ප්‍රියතම කඳු මුදුණ!!!



උස නිසා කඳු 
නාය යනු 
පහසු.

මගේ ප්‍රේමය 
ගැඹුරු 
එහෙයින්ම රැකුණු .

එහෙත් මා ප්‍රියතම 
කඳු මුදුණක්ය 
ඔබේ ප්‍රේමය රැඳුණු .

ග්‍රහ ලෝකයෙන් ලියුමක්!!!


.
මියගියා යැයි සිතූ 
ග්‍රහලෝක කැබැල්ලක 
එකම එක තැපැල් පෙට්ටියක් ඇති.

අව්වෙන්ද වැස්සෙන්ද 
බැට කා දිරාගිය 
අගුලක යතුර අහලපහලම ඇති.

මගේ නම සඳහන් 
ඉපැරණි ලිපියක් 
එහි තවම තියේනම් නොලැබුනත් ඒ ඇති.

Sunday, January 25, 2015

හා හා හොරා!!

.



දෙවියනි!
මම දනිමි 
ඔබ නෑ වගේ ඉන්න බව.
දොර තදින් වසාගෙන 
ගිනි තපිමින් ඉන්න බව.
බඩගිණි උසුලනු බැරිව 
රොටී සපමින් ඉන්න බව.

මට දුකම 
හිඩැසි අතරින් දොරේ 
ඔබට මා පෙනෙන එක 
ඔබ නැතැයි කියන එක.

Saturday, January 24, 2015

හිත හදාගමු!!!



.

උසම කන්දක මුදුණට 

පෙනේ කුටියක් තැනිතලාවක. 

දුම් කවුළුවෙන් දුම් නැගෙනු දැක 

ඔබ හොඳින් යැයි හදාගමි හිත.




කළුම කළුවර රැයක 

එළියක් පෙනේනම් කඳු හිස 

ඒ මා අවදියෙන් 

ඔබට කවියක් ලියනු විය හැක. 


Sunday, January 18, 2015

බැල්කනි ටිකට් අඩ දෙකක්!!



....ආදරය...
දහදිය සුවඳ මුසු 
විලවුන් පුස්ඹක්.
තොල් සායම් මුද්‍රාවැති 
අත් ලේන්සුවක්.
අඩක් කාවුන් කෑ 
දින පොතක්.
මොනිටර් පොතක් තුළ 
බැල්කනි ටිකට් අඩ දෙකක්.


එපමණයි.

ඉව කරමි.!!!



.
සාරියේ පොට හදන්නැයි 
බොරුවට කියමි.
සියුම් අතැඟිලි ස්පර්ශයෙන් 
මත්වෙමි.

රන්දම පළඳවන්නැයි 
සෙමෙන් අයදිමි .
හාදුවක් ලැබේදැයි 
කලබල වෙමි.

දවල්ට බත් 
චුට්ටක් වැඩියෙන් බෙදමි.
කෑම රසදැයි පණිවිඩ යවමි.

කිලිටි කමිස කලිසම් සෝදමි.
ගැහැණු සුවඳක් දැනේදැයි 
ඉව කරමි.