Saturday, June 30, 2012

.
......මිය නොගිය......
මැනවින් අලවා ඇත
හිසකෙය
සුදු කෙස් නොපෙනෙන්න
දක්ෂ ලෙස.
අමතර මාංශය නොපෙනෙයි
අගේ ඇති ඇඳුමකි
ගානට මිම්මට.
වයස අසු නොවෙන සේ
පින්තාරු කර ඇත
මුහුණ කට හා ඇසද.
හදවත ගෙන එන්න ගොසිනි
කෙනෙක්
ජයරත්න මල් ශාලාවට.

No comments:

Post a Comment