Saturday, June 16, 2012

.
අත්හැර දැමු විළක
පෙඳ පාසි මෑත්කර
ගොඩට ගන්නා තුරු
සැඟව.

අමතක වූ මතුපිටෙක

දුවිලි පිසදමා
ඔප දමන දින තෙක්ම
වසංව.

අඳුරු ගල් ගුහාවක
එළිය පුංජයක් විත්
නමින් අමතන තුරුම
සිහිසුන්ව.

සිටියේද සැඟවී
බොහෝ කල් ගතවී
මුණගැසෙන තුරු නුඹ
මටම.

1 comment:

  1. පමා වුව කම් නැත මිතුරිය..

    වසන්තය ආ පසු..
    කොයි තරම් ඉමිහිරිද
    ඇවිදුම ජීවිතේ මං පෙත පුරාවට!

    දුක නොදැනෙනවම නෙවෙයි අතරින්පතර
    ඒත් මිහිරිය.... ඉමිහිරිය වස්සාන සිහිලස යටින් ඇවිදුම!

    ReplyDelete