Saturday, June 16, 2012

.
......කවියෙකුට.....
ඔබට හැකිය
කවි ලියන
සාමාන්‍ය කෙනෙකු වන්නට.

බත පිසින අතරතුර

රෙදි සෝදන අතරතුර
වැඩට යන එන ගමන්
ඔබට කවි ලිවිය හැක.

කාර් එක සෝදන ගමන්
බාර් එකේ ලතවෙන ගමන්
පාක් එකේ ඇවිදින ගමන්
ඔබට කවියෙක් විය හැක.

දිග රැවුල්,හැඩපළු කෙස් වැටි
සුදු ගවුම්,බාච්චු සාය
මෙකී නොකී විලම්භීත
අවැසි නැත කවියෙක් වෙන්ට.

අවදියෙන් සිටියදීද
නිදමින් සිටියදීද
රමනයේදීද
මරණයේදීද
ඔබට හැක කවියෙක් වෙන්ට!

4 comments:

  1. මාත් අදමයි මේ පැත්තේ ආවේ...මරණය අයියා බුකියේ දාලා තිබ්බ ලින්ක් එකේන් ආවේ..
    කොහ්මත් කවි නිකන් මතක් වෙන්නේ අපිට වෙන වැඩ කරද්දිනේ..:)
    කවියක් ලියන්න ඕන කියලා හිතුවොත් අපිට අදහස් එන්නේ නැ.
    ලස්සන අදහසක්...:)
    ජයෙන් ජය..!!!

    ReplyDelete
  2. .
    හිතුවක්කාරී,හිරු,තරු ඔක්කොටම ස්තුතියි!

    ReplyDelete