Saturday, June 16, 2012

.
සිඟිති දොළ පාරක
අතින් අත ගෙන ගලාගිය
දිය බිඳු දෙකකි අප දෙදෙන
ගල් කුළක හිස් හැපී වෙන්වුන.

විසල් සාගරය තුල

හඳුනන රුවක් සොයමින්
තවම හිස් ඔසවා බලයි
දිය බිඳු දෙකක් ඉඳහිට .

2 comments:

  1. හිස් ඔසවා බලයි නම් ඉදහිට..
    මන්ද සිව්නෙත් නොගැටෙනා අරුමය!

    ReplyDelete
  2. .
    වැසි දැරිය
    වැසි රැගෙන විත්
    සිහිලසක් ශේෂ කර
    පත් ඉරු මත!

    ReplyDelete