Wednesday, February 15, 2012

.
දෙතුන් පොලකින් ඉරී
අන්ඩ දැමු හදවත් දෙකක්
නූස් හතරැස් මේසයක
මුහුණට මුහුණ බලාගෙන.

කවුළුවෙන් හොරෙන් විත්
අකීකරු සුළඟක්
පහන්සිල බිඳ දමයි
කැළැලි නොපෙනෙන ලෙස...

No comments:

Post a Comment