Wednesday, February 15, 2012


.
...වැඩි දුරක් නැත...
වල් රෝසමල් පිපුණු මාවත
පසු කරන් යමි අදත් හවසට
බැරි වෙලාවත් ඔබ ඇවිත්දැයි
සිත අසයි පෙර පුරුදු විලසට.

මල් පඳුරු දණ ගසා එක තැන
දුක කියයි දඟකාර සුළඟට.
හැමදාම ඇවිදින්න එන අර
යුවළ ඇවිදින් අතින් අත ගෙන.

මුමුණන්න සිටි රහස් සේරම
කියමි අහසට,වැවට,සුළඟට
නොකියන්න ඔබ අසා සිටිතැයි
පෙනෙන නොපෙනෙන ඉසව්වක සිට.

පැලක් ඇත නිදන්නට
බතක් ඇත බුදින්නට
තවත් පිටු දෙක තුනක
පොතක් ඇත බලන්නට.

No comments:

Post a Comment