Wednesday, February 15, 2012

.
ඔබ සිටියේ හිනාවීගෙන.
අලි කකුල් කලිසමක් ඇඳ
කොණ්ඩය වවාගෙන.
මගේ මුහුණේ බය පාට.
කොට ගවුමක් ඇඳ
පෝනිටේලයක් දමාගෙන.
හමුවිය නොසිතු ලෙස
පරණ පොත් අල්මාරියක සිට.
එතැන් සිට තවමත්
ගොළුය බිහිරිය
මගේ සිනහව!!!

No comments:

Post a Comment