Friday, August 08, 2014

සමහර දවස් ඇත තහනම්ම තහනම්!!!







දීර්ඝම හවස්වරුවක 
මඳක් ශෝකී අන්ධකාරයෙහි 
පැරණි දිනපොත් කියවනා විට 
හඬ නොනැගෙනා විලස අවුදින් 
පිටව යනු මැන මටද රහසින් 
පෙම්වත ,
සමහර දවස් ඇත 
ඔබට කියවනු තහනම්.

8 comments:

  1. දනිමි සොඳුරිය එවන් දිනයන්.

    ReplyDelete
  2. පිටව යමි නොකියාම
    තනිවෙන්න ඔබට රහසින්

    මගේ දිනපොත් පිටු මතද
    සැඟව ඇත තෙත පැල්ලම්

    ReplyDelete
  3. අම්මෝ...
    කවිය සේම
    පිළිතුරු කවිද
    අපූරුයි..
    ඇත්තටම පිස්සු වගෙයි

    ලස්සනයි ඈ
    ජයවේවා

    ReplyDelete
  4. නොහැක එලෙසින් යන්න
    කිමද මට සඟවන්න
    ඇති කරනා නුඹට
    කුහුල පිරුනා සිතට

    ReplyDelete
  5. ඉන්න තැන කියවන්න බැරි ඒවා , නැති තැන කියෙව්වම වැඩිය දැනෙන්නෙ නෑ හිතට

    ReplyDelete
  6. එහෙම දවස් තියෙන බව අත්දැකිමෙන්ම දනිමි..

    ReplyDelete
  7. වටහා ගත හැක එවන් දිනයන්.

    ReplyDelete
  8. ලස්සනයි හැම කියමනක්ම.ස්තුතියි!

    ReplyDelete