ශෝකී ඇස් සහිතව
හිඳී ළා පාට බිත්තියක
කතාවක් බහක් නැතිවම
මහළු වූ අතීතය.
"ඔයා දැන් සතුටින්ද
දුව දැන් ලොකුයිද
දුක හිතෙන වෙලාවට
මා ගැන මතක් වෙනවද?".
කාත් කවුරුත් නැති විටෙක
ඇස් වලින් දොඩනු හැරුනම
දුවිළි පිහින්නත් නොඑමි
මට පවා බයයි මා ගැන.
යටගියාව තවම මතකය කොනක ඉදං හොල්මං කරන හැඩයි..
ReplyDeleteඅපූරුයි ඈ...
ජයවේවා
මරු.. පින්තුරෙට මුවා වෙලා එයා ඉන්නේ..
ReplyDeleteඅතීත සැමරුම්
ReplyDeleteගෙනෙයි දුක වැඩිපුර
ඔහ් ... මේක හොඳ කනේ පාරක් වගේ...
ReplyDeleteහ්ම්ම්...
ReplyDelete//ළා පාට බිත්තියක
කතාවක් බහක් නැතිවම
මහළු වූ අතීතය.//
අපූරු වදන් ගෙත්තමක්
පින්තූරේ නම් සුපිරී. කවියත් ඒ වගේමයි. මම චිත්‍ර වලට ටිකක් කැමති හින්ද වෙන්න ඇති මගේ නම් හිතට වැදුනේ අර පින්තූරේ තමයි.
ReplyDeleteපින්තූරේ මම ගත්තේ OPEN ART වලින්.
ReplyDeleteගොඩාක් ස්තුතියි අදහස් වලට.
දුව දැන් ලොකුයි... අපි දැන් මහළුයි. ජීවිතය එහෙමයි....
ReplyDeleteමේකත් මාරයි... :)
Deleteස්තූතියි ආයෙත්!
ReplyDelete