Saturday, August 23, 2014

එක්කෝ ඇති. නැත්නං නැතුවැති !!



.
අහස උඩ තැනක් ඇති 
නිල්පාට කවුළුවෙන් එබීගෙන 
කවුරු හරි බලන් ඇති.
නැතුවත් ඇති.

එයාටත් මට වගෙම 
ලියාගන්නට නොහැකි 
කවක් ඇති.
නැතුවත් ඇති.

හීන් හඬකින් ගැයෙන 
මං ආස සිංදුවක් 
එයාටත් මතක ඇති.
නැතුවත් ඇති.

අපි ආයෙ හමුවුනොත් 
වෙන්වෙන්න බැරිවෙයිද 
එයත් හිතනවා ඇති.
නැතුවත් ඇති.

8 comments:

  1. බලන්නට කැමති හීනයක්
    බලන්න කියා හිතාන
    එයා නිදාගන්නවත් ඇති
    සමාරවිට නැතුවත් ඇති.

    ReplyDelete
  2. එයා එහම හිතන්නේ නැතුව ඇති.
    හමුවෙන්න කැමති ඇති

    ReplyDelete
  3. අපි ආයෙ හමුවුනොත්
    පුපුරයිද මම
    හිතනවත් ඇති
    නැතුවත් ඇති...

    ReplyDelete
  4. ඇතුවත් බැරි...... නැතිවත් බැරි...... නේද.....?

    ReplyDelete
  5. ඇත්ත ටම එහෙම වෙන්න ඇති...

    ReplyDelete
  6. කොහොම වුනත් අවසානය ති යන්නක්!

    ReplyDelete
  7. එක්කෝ ඇති, නැත්තම් නැතුවැති
    ඇතියයි කියල හිතන්න කැමති

    ReplyDelete