Tuesday, August 12, 2014

දැල්වෙන ගිණිගොඩ!!

.
අප දෙබස් පාඩම් කල හැටි 
උයන්වල,තාර පාරවල,බස්වල 
මුහුණු රතුවූ හැටි 
අහම්බෙන් වැදී අතිනත .
නමත් අමතක චිත්‍රපටිවල 
අවසානයත් එළඹින.

වංගු ගෙන හමායයි සුළඟ 
පපුවට ගසා ගනිමින් අත් දෙක
නොඅසයි ඔබ කොහේදැයි 
රහසකින්වත් ගං තෙර. 

සඳක් වැළපෙයි 
තාරුකා ගිනි ගනියි 
ඈත කන්දක තවම 
ගිනි ගොඩක් දැල්වෙයි.

8 comments:

  1. එතකොට හිතේ ඇවිලෙන ගින්නට මොකද වෙන්නෙ රසී

    ReplyDelete
  2. ඒක රහස් ගින්නක් නේ.ගිනිදළු පේන්නෙ නෑ පිච්චෙනවා විතරයි.

    ReplyDelete
  3. හිතේ ඇඳණු ගිනි .....

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම්....
    නමත් අමතක චිත්‍රපටි...

    ReplyDelete
  5. ස්තුතියි තනුජා,මහේෂ්,නලින්,බස්සි සහ මුතු ට!

    ReplyDelete
  6. Mata endunaa godak. Maa wenuwen. Gayathri

    ReplyDelete