Wednesday, August 06, 2014

ඔයා ඔහොම බොන්නෙ මං හින්දද?




මිහිදන් කරනු රිසි 
හැම විටම 
අලුත් හුස්මක් ගනී 
ඔබේ පෙම.

දමයන්ති:-
සුගත්,
ඔයා ඔහොම බොන්නෙ 
මං හින්දද?

සුගත්:-
නෑ 
දම්මි, 
හඳ පායන හින්දා 
මල් පිපෙන හින්දා 
පෘතුවිය කැරකෙන හින්දා 
හුස්ම වැටෙන හින්දා .

10 comments:

  1. දම්මිලා හන්ද බොන සුගත්ලට කියන වෙන නමක් තියෙනවා.

    ReplyDelete
  2. මේක සුපිරි ! මගේ හිත ගියා :) 

    ReplyDelete
  3. සුගත් බිව්වේ සුගත් හිංදා .
    ස්තුතියි ජිවන,මදාර!

    ReplyDelete
  4. පට්ට...
    සුගත් බිව්වේ සුගත් හිංදා .///
    ඒක නං පට්ට කතාව
    හිහික්

    ReplyDelete
  5. //සුගත් බිව්වේ සුගත් හිංදා//
    කවියට වඩා තදින් මේ වචන ටික හදවතට වැදුනා.

    ReplyDelete
  6. නියම කයිය...!

    (ආන් බලහං බොන්න මොකටද හේතු කාරනා...!)

    ReplyDelete
  7. ඒ කියන්නේ සුගත් මැරෙනකම්ම බොනවා..?

    ReplyDelete
  8. හ්ම්.........ලස්සනයි පද ටික

    ReplyDelete
  9. මහේෂ්,බස්සි,නිමෝ,මනෝජ්,ගී පවුර ස්තුතියි.
    දම්මි සුගත් බලන්න ආවෙත් දම්මි හිංදා !

    ReplyDelete
  10. ලස්සනයි ගොඩක්

    ReplyDelete