Saturday, August 02, 2014

ඇස් වටා කළුව වැඩිවෙයි!!!



ප්‍රියය නුඹ 
පහන් නිවා අහසෙහි 
රහසේම ඇවිදින් 
උණුසුම් පොරෝනයක් සේ 
තුරුළු වී හිඳ ළමැදට
මල් කවුළුවෙන් නික්මයයි 
උරුම කරදී 
හිමාලය තරම් හීතල .

ඇස් වටා කළුව වැඩිවෙයි 
දින දින.

9 comments:

  1. හ්ම්.......................... නියමයි................

    ReplyDelete
  2. කුරුටු ගාන එක සතුටක්!

    ReplyDelete
  3. ඇස් වටා කලුව නම්
    වහං කරතැකි
    අඳුන් උලමින්...

    නැද්ද? :)

    ReplyDelete
  4. බස්සි,කඳුළු වලට අඳුන් බොඳ වෙයිද?
    ස්තුතියි දිනේෂ්!

    ReplyDelete
  5. නිදිමැරිල්ල සේම
    හොටු පෙරිල්ලද
    මට නං දිරවන්නේම නැත...
    යන එකා ගියාවේ...
    එන එකා ආවාවේ..

    රිසිවිටක හැරයන්න
    රිසිවිටෙක පැමිණෙන්න..

    කවිය නං ලස්සනයි .................
    ජයවේවා

    ReplyDelete
  6. වැඩිය නිදි මරන්න එපා.

    ReplyDelete
  7. ස්තුතියි මහේෂ්ට ,මනෝජ්ට!

    ReplyDelete
  8. නිදිවරන රෑ යාම වැඩිවත්ම
    ඇස වටා කලු පැහැය දිදුලත්ය
    හිමගිරියකට සම - කටුක සිහිලැල් තුහින
    හැරදමා, ආලෝක කැල්මකට හුරුවන්න :)

    ReplyDelete