Friday, August 29, 2014

.......පාළුයි!.....





හදවත ඉරිතළා ඇතිවිට 
තව ඉඩක් කෝ කුඩා  කවියකට 
දැනගෙන වගේ මේ වග 
කවුළුවෙන්වත් නොඑයි මඳනල .

කෙහෙ අගින් බේරී 
බිම වැටෙන වතුර බිඳකට 
මග නතර වෙන්නට 
හුරු පුරුදු කම්මුලක් කෝ අද.

ඉබාගාතේ යන 
සිතිවිළි කදම්බයකට 
ප්‍රදීපාගාරයක් වුව 
මගහැරෙන්නට පුළුවන.

13 comments:

  1. නමුත් කවදා හෝ ප්‍රදීපාගාරයේ එලිය දකින්නට ලැබේවි

    ReplyDelete
  2. ප්‍රදීපාගාරයට ප්‍රදීපාගාරය කියලා නම තියෙන්නෙ ගොඩබිමකදි විතරයි.. මුහුදෙදි ඒකට නමක් ගහල පාරක් වෙන්කරලා නැහැ..එළිය තිබෙන අතට ඇදීමෙන් එය ප්‍රදීපාගාරයක්ද නැද්ද යන වග යාත්‍රිකයින්ට සනාථ කරගැනීමේ ප්‍රජාචන්ච්‍රවාදී අයිතිය තිබෙනවා..

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔයා දන්න දේවල්

      Delete
  3. මාව කොහොදෝ එක තැනක අතරමං කරනවා මේ කවි...ඒ අතරමං විල්ල කොතෙරම්ද කිවොත්. මේ ලියන්නේ මගේ හදවතේ ගැබුරුම තැන හිටපු ඒ කේනා ලියනවා කියල මට හිතෙනවා.

    ඔබ කවුරු උනත් මාව තව තවත් අතරමං කරන්න...

    ReplyDelete
  4. ඉවාන්,අමිල,රස්තියාදුකාරයා
    හර්දය වස්තුවේ තියෙන ඇස් දෙක අන්ධ වුනාම මොනම එලියක්වත් පෙන්නේ නැහැ.
    ඉතින් අපි අතරමන්වෙමු සාගරය මැද ස්ව කැමැත්තෙන්.

    ReplyDelete
    Replies
    1. ඔය ලිස්ට් එකට මාවත් දාගන්න රසී :)

      Delete
  5. \\හර්දය වස්තුවේ තියෙන ඇස් දෙක අන්ධ වුනාම මොනම එලියක්වත් පෙන්නේ නැහැ.
    ඉතින් අපි අතරමන්වෙමු සාගරය මැද ස්ව කැමැත්තෙන්.\\

    මෙන්න මේක තමයි ඇත්ත..

    කවි පෙලනම් අනර්ඝයි...

    ReplyDelete
  6. ස්තුතියි දෙවෙනි විභීෂණ ට. පලවෙනි විභීෂණ කොහේ ඇද්ද දන්නවද?

    ReplyDelete
  7. රසී... රසී... ඔයාගෙ වචනවල තියෙන්නෙ ගුප්ත සුන්දරත්වයක්.

    //හදවත ඉරිතළා ඇතිවිට
    තව ඉඩක් කෝ කුඩා කවියකට
    දැනගෙන වගේ මේ වග
    කවුළුවෙන්වත් නොඑයි මඳනල //

    හොඳට හුරුපුරුදුයි මේ වග......

    ReplyDelete
  8. ස්තුතියි බස්සි! අපි හැමෝම අතරමං වෙමින් සොයා යන අය .

    ReplyDelete
  9. (රසී... ඔයාගේ මේ කවිය මගේ පපුවට දැනුන තරම් කියන්න වචන නෑ මට )

    හදවතම පෑරී,, - වේදනා නැගෙන විට
    ඉඩ කොහිද කවි වලට - සුසුමන්ම වලට මිස
    දනගෙනත් නොදැන සේ - සිටින අයවලුන් ගැන
    තතු රැගෙන නාවාට - කම් නොමැතමඳ නලද

    ReplyDelete
  10. කවිය හුඟක් ලස්සනයි දිලිනි!

    ReplyDelete