Thursday, August 21, 2014

තට්ටු නොකරනු කවුළුවට !!!




.
නැළවෙන්න සුහදයාණෙනි,

අත් අකුරු නොමැතිවද 
පෙම් පත් ලියා එවනු ඇති 
සඳ එළිය .

මියුරුම වෙණ හඬද පරදවයි 
අතු ඉති මත නළියන 
මඳ සුළඟ.

කැළතෙන ගං දිය 
දියමන්ති කැට රැසකි 
දිදුළන .

තට්ටු නොකරනු 
කවුළුවට 
උදෑසන .

8 comments:

  1. බෑ මං තට්ටු කොරනවා මයි..
    ඕ යේස්..
    උදේ නෙවී..
    හොදටම නිදං ඉන්න වෙලාවක ඇවිත් පත දාර ගලක් ඇරං ජනේලෙට අතෑරල දුවනව...
    හිහි

    කවිය පට්ටයෝ

    ReplyDelete
    Replies
    1. තට්ටු කරන්න හෙමින්//
      මගේ විමානේ..දොරටුව ඔබගෙයි
      තට්ටු කරන්න හෙමින්//

      දෙපා තබන්න හෙමින්//
      මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
      දෙපා තබන්න හෙමින්//

      මා වෙත එන්න පෙමින්//
      මගෙ මී බඳුනේ....රස ඔබටයි
      මා වෙත එන්න පෙමින්///

      තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
      ගා‍ය‍න‍ය‍ - අනුලා බුලත්සිංහල

      Delete
  2. ස්තුතියි දිනේෂ්,මහේෂ්,සින්දු සහ බස්සිට!

    ReplyDelete
  3. ඒ තරම්ම මිහිරිද රාත්‍රිය.

    ReplyDelete
  4. ලස්සනම ලස්සන කවි පෙළක් රසී

    ReplyDelete