Thursday, August 14, 2014

කුඩා කැත කෙල්ලකව සිටි එකළ!!!




ඔවුහු මා සොයාගත්හ 
සෙල්ලම් පිටිවල,පොත් මේස ළඟ 
කුඩා වන ලැහැබ්වල 
තාරුකා නරඹමින් සිටිනතර 
ගීතිකා ගයමින් රඟනතර 
කුඩා කැත කෙල්ලකව සිටි එකළ 
ආයාසයෙන් තොරව.

මම මා සොයමි දැන් 
අතහැර දැමූ කන්දක
මගහැර සැඟවුණු සටනක 
අඩක් ලියැවුණු කවියක
මඳක් හිස්වුණු මී විතක 
හුදකළා ඉසව්වල,ප්‍රෙහෙලිකා අතර 
ලයිට් බිල් ගෙවන තැන්වල,තොග බඩු කඩවල. 

අතුරුදන් වී ඇත 
මා වැනි කෙනෙක් 
හමුවෙන්න බියෙන් 
මට!

7 comments:

  1. සොයා යන්න ඈ.
    හමු වේවි ඈ..
    දවසම නොවේ
    ටිකක් ඉන්න අඩු තරමේ
    ඇය ළග..

    මාත් ඉන්නවා
    නැතිවේචිච
    මගේ එකා ළග
    දවසට පැයක්වත්..

    ReplyDelete
  2. හිත ඇතුලට ඇතුලටම එබී බලන්න,
    මටනම් විශ්වාසයි,
    නිසැකවම හමුවේවි ඇය.

    ReplyDelete
  3. නැතිවෙච්චි මගේ එකා හමුවෙයිද හිත ඇතුළෙන්ම ඇතුලෙන්?

    ReplyDelete
  4. පොලිසියටවත් කියන්ඩ වෙයිද

    ReplyDelete
  5. හප්පේ...
    ලස්සනයි... මේ වගේ කවියකට කුප්ප උත්තරයක් වත් බදින්න එන්නෙ නෑනෙව

    ReplyDelete
  6. Maara lassanay me kawi. Mama sahurdayek Gayathri

    ReplyDelete