Saturday, August 02, 2014

ලුණුමිදෙල්ල ප්‍රේමය!!


.
ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි 
උරහිසේ තියං ඉන්න 
හඳ .
හුළඟත් එක්ක ඉස්සිලා 
හාදු දෙන්න 
යස.
ජිවිත කාලයක්ම 
හංග ගන්න මතක 
ළඟ .
ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි 
උරහිසේ තියං ඉන්න 
හඳ .

4 comments:

  1. ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි??

    ඒත් හඳ හාංකවිසියක්
    දන්නවද ඒ වග?

    ReplyDelete
  2. බස්සිටවත් කියන් නැද්ද
    හිතේ තියෙන දුක
    හඳ
    පාලුම පාලු රාත්‍රියක
    හූමිටි තියන්නත් ලෑස්ති කොට.

    ReplyDelete
  3. අපූරුයි චිත්තරූපය. ලුනුමිදෙල්ල ගහ උරේ රන්දා ,හොරෙන් හෙලු තරු කැට කඳුලු ?

    ReplyDelete