Tuesday, August 16, 2011


පින්වතිය
පව් මේ විසල් ගස් වැනිය
ගස් ගලවා දමන්න.
ස්වාමිනි
ගස් ගැලවුවද
කුඩා පැ ඇත.
පින්වතිය
කුඩා පැළද ගලවන්න.
ස්වාමිනි
කුඩා බීජ තිබේ.
පින්වතිය
පොළොව පෙරළා දමන්න.
ස්වාමිනි
කපුටු වසුරින් යළි  පැල ඇතිවේ.
පින්වතිය
කපුටන් එළවාදමන්න.
ස්වාමිනි
උන් ගස් අතර සවේ.
පින්වතිය
මේ විසල් ගස් ගලවා දමන්න.
ස්වාමිනි
.......!!








4 comments:

  1. පව් වලින් පලා යන්න බෑ වගේ නේද?
    නියමයි කවිය...

    ReplyDelete
  2. පරණ ග්‍රැමපෝන් තැටි
    ආයෙත් ආයෙත් එකම දේ කිය කිය
    එක තැන කැරකෙන....

    ආ හ්... කපුටො...!

    ReplyDelete
  3. .
    ස්තුතියි තුන් දෙනාටම.කියවන එකට!

    ReplyDelete