Sunday, August 07, 2011

සුදු ගවුම් ඇඳගෙන
බාල් නැටුමට ප්‍රමාදව
ලහි ලහියේ දිව යති
වලාකුළු කෙල්ලන්.

දොරවල් අගුළු ලා
යතුරුත් අතට ගෙන
උන් එනතුරු නිදි මරති
වයසක බස්සන්.

තැනින් තැන දුවගොස්
දූවිලි නාගෙන
ඇඟ සෝදගන්න යති
දඟ සුළං කොල්ලන්

මේ විසල් විශ්වයේ
අසිරි දේ නරඹමින්
මං මුළා වී නමුදු
ඉතා සතුටින් මං.

1 comment:

  1. රසී,
    අහා.. කියවුණා.
    ඊළඟට හිතුණා කෙල්ලෝ ​බස්සෝ කොල්ලෝ වුනා නම් හැඩයි කියලත්.

    තුති.

    ReplyDelete