Tuesday, August 16, 2011

.
මගේ උකුලත පිපුන
කුඩා උල්පත ඔබ.
වැඩුණි නොසිතු අයුරින්
තවත් රඳවනු නොහැක උකුලත.

අවසර පදය පවසමි

නොනැවතී  ගලා යනු මැන 
ඉවුරු අද්දර සිරි නරඹමින්
මහා ගඟුලක්ව  ඇදී යනු මැන.

බොහෝ දුරු කතර ගෙවමින්

මහ සයුර හමුවූ දින
කෙතරම් කුඩා දැයි නුඹ
මුල් වතාවට පසක් වෙනු ඇත.

ආයෙත් එකම  සැරයක්

උකුලතෙහි නැළවෙන්නට
හිත රිදෙන මොහොතක
හිතෙනු ඇත ඒ කිසි සැකක් නැත.

ගඟුලක්ව සයුරට ගිය

සයුරෙහි රළ පෙළක්වු
නුඹට යළි උල්පතක් වීමට
නොහැකි බව දන්නෙමිය මම අද!

No comments:

Post a Comment