Friday, August 12, 2011


...සඳ....
හෙට රෑ එනවනම්
සුදු ගවුමක් ඇඳන් එන්න.
පන්සල් ගෙනියන්න
තරු ටිකකුත් කඩන් එන්න.
වෙල්යායේ මැද්දටම ඇවිදින්
ඇබිත්තක් කමතකට මුවාවෙන්න.
නළලතේ හාද්දක් තියන්නම්
කාටවත් නොපෙනෙන්න පාත්වෙන්න.

1 comment:

  1. ....එතකොට ඔබ ලජ්ජාවෙන් වලාවකට මුවාවෙන්න

    ගොඩක් රසවින්දා

    ReplyDelete