Sunday, August 07, 2011

ලොකු ගෙයක්
කුඩා මේසයක්
වියපත් යුවළක්
රස විඳිති උණු බතක්.

පිඟන් රාක්කය මත
පිඟානක් ඇත තවත්
වසර ගණනක සිට
බත් කන්න නාවත්!

3 comments:

  1. අම්මෝ රසිකා.. මේ කවියට මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඒ තරම් හිතට කා වැදුණ මෙකව..

    ReplyDelete
  2. මේක නම් සහතික ඇත්ත , අපේ අම්මල තවමත් අපේ පරණ පිඟන් හෝදලා, අරන් තියනවා පිඟන් රාක්කයේ ...අපිත් කවදා හරි............... අනේ මන්දා

    ReplyDelete
  3. ගෙයක් හදලා ගෙට අකුරු පුරවලා....බඳුනේ ලූ මිදි යුශ සිහියට එක්කර..

    ReplyDelete