Sunday, August 21, 2011

ගිම්හානයය මුලටම.
අතු ඉති වියළවනු පිණිස.
ඉක්බිති සුළඟය
කොළ හලා පිරිසිදු කරන්නට.
හිම පැමිණේ අන්තිමට .
පිරිසිදු සුදු ඇඳුම් ගෙන.

සියල්ලෝ පසසති හිම
මුලින් ආ අය මතක නැතිකර!

1 comment:

  1. හිම සුදුය
    පිරිසිදුය
    පොරෝනාවක් මෙන් ඈතිරී
    සියල්ල සඟවන
    මරණය මෙන්ම උණුසුම්ය

    ReplyDelete