.
සමහරවිට
මම බොරු කියන්නැති
ඇත්ත වගේම හිතෙන විදියට
ඒ නිසා ඔබ රැවටෙන්න ඇති .
සමහරවිට
ඔබ බොරු කරන්නැති
ආදරේ බව දැනෙන විදියට
ඒ නිසා මට දුක හිතෙන්නැති .
සමනළුන්
සිරීපාදේ ගොහින්
ආයෙමත් ආපහු එන්නැති
එතකල් මල් බලා නොඉන්නැති .
පිච්චමල්
පිපී ඉන්නම් කියා
ලේ වලින් පිළින දෙන්නැති
ඒත් අළුයම පරවී වැටෙන්නැති .
සමහරවිට
විශ්වයම මහා බොරුවක් වෙන්නැති
අපිත් එහි කුඩා කොටස් වෙන්නැති
ලොකු කොටස් තව ඉදිරියේ ඇති.
විශ්වය මහා බොරුවක් තමයි....
ReplyDeleteබොරු!
ReplyDeleteඇයි බොරු කියන්නෙ. ඒක තමයි ඇත්ත
ReplyDeleteඇත්ත!
ReplyDeletejeewithema boruwak wenna athi
ReplyDelete