Saturday, May 31, 2014

දීර්ඝම දවස්!!!





දීර්ඝම දවස් ඇත 
සාදය නිමාවූ පසු 
හිස රැඳුණු කානේෂන් මලක් සේ 
උවමනා නොවූවද 
තව දුරටත් පැළඳහුන්
මතකයක.

දීර්ඝම දවස් ඇත
පිපාසය සංසිඳුණු පසු 
බිම තියනු නොහැකි කුසලානයක් සේ 
ඉව කරමින් සුවඳට 
හිස් බව නොඅදහන 
ප්‍රේමයක.

දීර්ඝම දවස් ඇත
අන් අතක බැඳුනද 
පියාපත් සඟවා ගත් කුරවියක සේ 
සුදුසුම මොහොත එනතුරු 
කල්ප කාලයක් පෙරුම් පිරිය යුතු 
හීනයක .




No comments:

Post a Comment