Monday, May 26, 2014

විළියෙන් ඇඹරෙන වෙල්වට් !!!


.
කම්මැළි කඳු මුදුන් 
සිප සනසාන යයි 
සීතල වලාකුළු.

උඳුපියළි පත් මත 
ප්‍රිස්ම මෙන් දිළිසෙයි 
ඉතිරි වූ වැහි බිඳු .

දිගු සෙවණැලි මත 
රන්වන් පැහැය තවරයි 
නින්දට යන හිරු.

රෝස පැහැ වෙල්වට් 
විළියෙන් ඇඹරෙයි
දෙතොල් දැක ඈ සතු.

1 comment:

  1. අදයි ගොඩ වැදුණේ මේ ඉසව්වට. මේකට ෆලෝවර් ගැජට් එක එල්ලන්න. එවිට අපට එන්න පහසුයි මෙතැනට.
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete