Thursday, May 22, 2014

අයිස් සරුවත් කඩවල!!!


.
හැන්දෑවෙ හතේ බස් එකේ 
අන්තිමම අසුනෙ හිඳගෙන 
මඳක් ඉඩ තියාගෙන යමි 
වැරදීමකින් හෝ එතැයි සිතමින්.

වැව රවුමෙ ඇවිදින විට 
සුරත ලිහිල් කරගෙන යමි 
බැරිවීමකින් හෝ ඇවිත් හෙමිහිට 
අතින් අත පටලා ගනීදැයි පතමින්.

නගරයේ උන්මන්තක වීදිවල 
විමසිල්ලෙන් හඹා යමි 
අයිස් සරුවත් කඩවල,අඹ වෙළෙන්දන් අස 
සැඟවී බලා හිඳීදැයි නොදනිමින්.

සඳ නොපායන රාත්‍රීවල 
ඉකිබිඳුම් සිරකර සැතපෙමි 
යහනෙහි එක් පසක් 
කොතරම් සීතලදැයි නොසිතමින්.

No comments:

Post a Comment