.
කළුවර රාත්‍රියක
වැසුණු කවුළුව මත
මල් අත්තක් ගැටෙන හඬකින්
අවදි වෙමි.
ඔබ ඇවිත් යනු ඇත
අදත් සුපුරුදු ලෙස
යහනෙහි හොවා රිදුනු ළය
අසා ඉමි.
නිදිබර උදෑසන
විවර කර මඳක් කවුළුව
තවමත් නොවේලුනු කඳුලක්
ඇහිඳ ගමි.
දිගු දවස ඇරඹුමට
සුභ නිමිත්තක් සේ
අවුල් හිසකෙයා'තර
ඉකි බිඳින කඳුල රඳවමි.
No comments:
Post a Comment