.
මදඳුරු රාත්‍රියක
තැලුම් කෑ හදවතක් සමගින්
හිස නමා වැළපෙන විට
තාරුකා එළියක් ලෙසින් විත්
'නැගිටින් ලොකු දුවේ' කියයි
අප්පච්චි ඔබ.
කොල්ලෑව බිඳ වැටුණු
කුඩා ඔරුවක තනිව
දෛවයට ඉඩ දෙන විටෙක
සුළං රැල්ලක් එවා මදෙසට
'ගොඩට එන් ලොකු දුවේ' කියයි
අප්පච්චි ඔබ.
බොහෝ දෙනා පවසති
නොඑන වග නැවත කිසිදින
එහෙත් උන් නොදනිති
තනිවන හැමවිටම
හිස අතගා යතැයි
තවම ඔබ.
හැම අප්පච්චිම ගැන මතකය මෙහෙම වෙන්නැති නේ.
ReplyDeleteලොකු සෙවනැල්ලක් නිතර පස්සෙන් එනවා වගේ හැගීමක් නේද ඒක..
ReplyDeleteඅද මගේ තාත්තගෙ උපන්දිනේ.. මම ත් ලොකු දුව... හිතට දැණුනා මේ කවිය ගොඩක්.... ලස්සනයි. සංවේදීයි...
ReplyDeleteමට කිවුවෙ චූටි දූ කියල එච්චරමයි වෙනස.
ReplyDeleteමගෙ හීන වල එයා කතාකරන්නෑ, මරණයම මතක් කරනව විතරයි. ඒත් හැම දේකදිම තාත්තා තාම මට අත්වැලක්.
දැන් කවි වලට මාතෘකාවක් දානව නේද? ඉස්සර කවිය විතරයි. ඒ විදියට මම ගොඩක්ම කැමතියි. කවි දිගේ කතන්දර මවාගන්න ලේසියි.
කවදාවත් මතක් නොකරනවා කියල හිතුවට හිටිගමන් විදුලියක් කොටනවා වගේ මතක් වෙනවා!
ReplyDeleteස්තුතියි ඔබ හැමෝටම!
itha sarala hoda nirmanayak.
ReplyDeleteමගේ කවිය ඔබ ලියලා..
ReplyDeleteඔව් කෙතරම් වයසට ගියත් , තවමත් හිස පිරිමදිනවා දැනෙනවා