Tuesday, May 13, 2014

නුඹට ලිව් කවි!!!



.
මහත් අහසෙහි 
ඉහත්තාවක 
පුරුදු තැන්වල තරුත් හිනැහෙයි .

කිරල් යුවළක් 
නිදියන්න පෙර 
තව වරක් පෙම්කවක් මුමුණයි .

ඔබත් නොමැතිව 
තවත් දිනයක් 
සුසානය වෙත යන්ට තතනයි .

වරක් අවදිව 
බලන් නුබ කුස 
නුඹට ලිව් කවි තවම දිදුළයි .

No comments:

Post a Comment