Tuesday, June 03, 2014

ආතුර වූ සිතින් !!

.
නොලියවෙන වග දැන දැනත් 
එකදු කවියක් මා ගැන 
කියවමි ඔබේ කවි 
සොඳුරු අඟනුන්ට ලියවුණ 
ආතුර වූ සිතින් 
හෙලා කඳුළැලි තනි යහන මත.

ප්‍රියේ ඔබ අවදිව 
විවර කරනා විටදි කවුළුව 
තණ පත් අතර රැඳවුන 
මල් තුහින ඇත කවක වෙස් ගෙන.
කිසිවෙකුත් නොකියවන 
කවිය ඒ මා ලියූ ඔබ ගැන.

3 comments:

  1. හැම සිතුවිල්ලක්ම කියෙවුවට අහම්බෙන් අදහසක් ලියන්නේ ! සමාවෙන්න මම කම්මලියෙක් නිසා.
    ----- මේ සිතුවිල්ලට මගේ හිත ගොඩක් කැමති. මන්දා ඒ ඇයි කියලා.----

    ලියන 'Rasi' වන නම් නොදනිමි... එත් රසිගේ සිතුවිලි නම් අපුරුයි !

    ReplyDelete
  2. ස්තුතියි මදාරා!

    ReplyDelete
  3. හරිම අගෙයි
    http://wehilihini.blogspot.com/

    ReplyDelete