.
අකුළන පුටු දෙකක් ගෙන
එන්න යමු ගං ඉවුරට.
අත්ල තදකර අත්ලට
බලා ඉමු තරු අහස දෙස.
උණ කොළ සැළෙයි
ගං දියේ සඳ සැතපෙයි
අවතාර කතාවක මෙන්
සෙවනැළි දිගයි අඳුරුයි.
සුරඟනක් මෙන් රඟපෑ
සුන්දරම කාලය නිමයි .
වීරයෙක් වෙන්නැයි හිතූ
සිතුවිල්ලට පවා හිනහයි.
උමතු වූ මත්ස්‍යයෙකු
ගඟෙහි සඳවත මත නටයි.
ළයෙහි හිස රඳවන්න
වදන් මින් මතු අකැපයි .
හදිස්සියේ ලියලාද මන්දා මේක නම් :)
ReplyDeleteඔව්.හදිසියේ තමයි.
ReplyDeleteපට්ටයි. රහයි.
ReplyDeleteබස්සිටත් ස්තුතියි.
ReplyDelete