Tuesday, June 24, 2014

සිප ගැනීමෙන් පසුවද !!!

.
මතකද එකල 
බොහෝ ඉස්පාසු තිබුන වුව 
ජීවිතය විඳින්නට 
කලබල කල තරම අප.

අතින් අල්ලා ගිය වුව 
නොසෑහී දුක්වූ අයුර 
සිප ගැනීමෙන් පසුවද 
හෙලූ සුසුමන් අපමණ . 

හැල්මේ දුවන අතරමග 
සැතපුම් කුළුණු පසුකර 
දුෂ්කරම මොහොතක 
බැඳ තිබූ බැමි ගිලිහිණ .

තාරුකා යට වැතිරී 
අතීතය සොයන මොහොතක 
ප්‍රියේ නුඹ හමුවෙයි 
මා මෙන්ම කවුරුන්ද සොයමින.

7 comments:

  1. හරිම අලංකාර කවියක්.

    පද ටිකනම් අගෙයි. ජීවිතේ හැටි ඔහොම තමයි. අතීතය හරිම සුන්දරයි. ඒත් අතීතය විසින් අපිට අත්පත්කරදුන් සේම අපෙන් උදුරාගත් දේද බොහෝය. එ්ත් කවදාක හෝ ආයෙම ඒ අතීතය ආයෙම අපිට හමුවෙනවා. කොහොම වුණත් ඒක සුන්දරව විදින්න කියන එකයි අපි නම් කියන්නේ..........................

    මේ පුංචි රටේ කොතැනකදී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවි....................

    ReplyDelete
  2. කියවනවට,විඳිනවට,කියනවට ස්තුතියි බොහොම.

    ReplyDelete
  3. අපි අපේ වන සිහිනයක
    මතක පිබිදෙන මොහොතක
    දෙනෙත් පියාගමි
    දැනෙන තුරු නුඹේ සුසුමක මුදු සුවද .......
    හරිම ලස්සන පද වැලක්

    ReplyDelete
  4. ඇත්තටම මට හිතුනේ සිහරට් එකක් ගැන ලිව්ව කියලමයි

    ReplyDelete
  5. ජීවිතෙත් සිගරට් එකක් වගේ තමයි! ස්තුතියි වැහිළිහිනිට ,දේශකට !

    ReplyDelete
  6. අපූරු අදහස්.... ආයෙ ආයෙම කියවන්න හිතෙන, පේළි දහයක් කියවා මහ පොතක් තරමට හිතන්න දේවල් තියෙන මා දුටු සුන්දරම බ්ලොග් අඩවියක්.

    ReplyDelete
  7. බස්සිටත් ස්තුතියි.මේගොල්ලෝ ඇත්තම ඇත්ත අයනම්!

    ReplyDelete