Thursday, June 26, 2014

ඔබ පිපී හිඳිතැයි සිතා!!!

.....ඔබ.....

දිළී හිඳිතැයි සිතා 
ඝන රැයක 
තරු ගනිමි.

පිපී හිඳිතැයි සිතා 
අතු පතර 
ඉව කරමි.

එතී හිඳිතැයි සිතා
මඳනළක 
එහි වෙළෙමි .

යළිත් ඒයැයි කියා 
කැඩපතට 
බොරු කියමි.

4 comments:

  1. සැගව හිදිතැයි සිතා
    කදුළු බිදු
    තුල සොයමි .
    හරිම අගෙයි .........

    ReplyDelete
  2. සිනාසෙතැයි සිතා
    තනිව ම මම
    සිනානෙමි.

    මා අසලයි සිතා
    දෑත් විහිදා
    වැළඳගමි.

    කවිය නම් හරිම අගෙයි... ඔබේ නිර්මාණ වල තියෙන අනන්‍යතාවට ප්‍රිය කරමි...

    ReplyDelete
  3. මම

    සඳ කිණිත්තක
    වෙලී ආයෙමි
    තරු අතර ඔබ
    අතරමං

    දිය කඩිත්තක
    පිපී උන්නෙමි
    අතුපතර ඔබ
    අතරමං

    කුරුළු ගීයක
    එතී ආයෙමි
    මදනලක ඔබ
    අතරමං

    කඳුලු කැටයක
    ගිලී උන්නෙමි
    ඔබ සෙමෙන්
    පිහදානකං

    :P

    ඔන්න ඕකලු උනේ...

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි හැමෝටම.ඔයාලගෙත් කවි රස විඳින්න මම කැමතියි.

    ReplyDelete