Friday, May 09, 2014

විශ්වයම මහා බොරුවක් වෙන්නැති !!!!

.
සමහරවිට 
මම බොරු කියන්නැති 
ඇත්ත වගේම හිතෙන විදියට 
ඒ නිසා ඔබ රැවටෙන්න ඇති .

සමහරවිට 
ඔබ බොරු කරන්නැති 
ආදරේ බව දැනෙන විදියට 
ඒ නිසා මට දුක හිතෙන්නැති .

සමනළුන් 
සිරීපාදේ ගොහින් 
ආයෙමත් ආපහු එන්නැති 
එතකල් මල් බලා නොඉන්නැති .

පිච්චමල් 
පිපී ඉන්නම් කියා 
ලේ වලින් පිළින දෙන්නැති 
ඒත් අළුයම පරවී වැටෙන්නැති .

සමහරවිට 
විශ්වයම මහා බොරුවක් වෙන්නැති 
අපිත් එහි කුඩා කොටස් වෙන්නැති
ලොකු කොටස් තව ඉදිරියේ ඇති.

5 comments: