Thursday, May 29, 2014

අත්ල කොණහන තුරු!!!

.
ප්‍රියේ!
ඔබට පුළුවනි ඉඳහිට 
ආදරේයැයි පවසන්න. 
තේ හදා අතට දෙනවිට 
අත්ල හෙමිහිට කොණහන්න.
උයනවිට හොරෙන් විත් 
හාද්දක් ගෙළට දී සැඟවෙන්න.

එවිට මට පුළුවනි 
කුඩා කෙල්ලක් වගේ හිනැහෙන්න.
බෙහෙත් පෙති බෝතලේ 
වත්ත පල්ලැහැ තැනක වළලන්න.

3 comments:

  1. ඒක පුදුම හැකියාවක් තමා නේද?? සිත හැමදේටම මුල

    ReplyDelete
  2. ෆිල්ම් වල මෙහෙම සිද්ද වෙනවා නේද?

    ReplyDelete
  3. එවිට මට පුළුවනි
    කුඩා කෙල්ලක් වගේ හිනැහෙන්න.
    බෙහෙත් පෙති බෝතලේ
    වත්ත පල්ලැහැ තැනක වළලන්න.

    ReplyDelete