Tuesday, May 06, 2014

මේ ඒ සුළඟමයි !!



.
මේ ඒ සුළඟමයි 

කෙසෙල් කොළ කීතු කීතු කර පැන දුවන 
කුසුම් සිඹ සුවඳ පමණක් අරන් ගෙට එබෙන 
කියඹු වැල් අවුල් කර සියුම් කිති ගන්වන 
සුළඟමයි මේ ඒ රස මතක අවුළන .

පොකුණුවල රැළි සදන 
දුහුල් සළු මෑත්කර 
තරුණියන් වසං කළ 
සුදු දෙපා පෙන්වන 
ඔන්චිල්ලා පවා ඉබේටම නටවන 
මේ ඒ සුළඟමයි මට මතක විදියට.

සෙල්ලම් ලී අසුන් 
නිරන්තරයෙන් පද්දන 
සිප්පි කටු රැගෙන එන්නැයි 
මහ මුහුද කළඹවන 
සංගීත සංධ්වනියකි රාව නංවන 
මේ ඒ සුළඟමයි ඔබට මතකද?

එක්තරා දවසක 
මෙවන් සුළඟැති සවසක 
සීතලදැයි අසා 
තුරුළු කරගත් මොහොතක 
සිහිනෙන් මෙන් ඇසුන 
සංගීතයක් විය 
ඒ මේ සුළඟමයි 
කොතරම් උණුසුම්ද මතකය.

1 comment:

  1. සුළග බියකරු මුත් වරෙක ..... හැගුම් දහසක් ජනිත කරවිය.....

    ReplyDelete