Thursday, September 25, 2014

ඇඟිළි තුඩුවලින් ඇවිද එමි !!







පිළිවෙලට අමුණා 
තරු පහන් 
කළුවර පඳුරු මත 
මග පෙන්වා ඇත 
ඔබ සිටින කුටියට
වන මැද .

හඬ නොනැඟෙන්න
ඇඟිළි තුඩුවලින් ඇවිද එමි 
නිවා එකිනෙක 
තරු කැට .

3 comments:

  1. ඉදින් නුඹ පැමිණෙන්න

    මග කියූ තරු වලටත්
    රහසින්ම

    ඒ ඇයිද නොදොඩන්න
    ඇසී ඒ තොදොල් බස්
    රෑ මනාලි මල්
    ගතු කියන නිසාවෙන්ම

    ReplyDelete
  2. දැනන් උන්නා ඔබ එන වග..
    යම් දාක..
    සැරහුවේ මමමයි..
    ඒ තරු පාර...
    නිදි නොමැත දිගු රැයකි..
    වසා සිටි මුත් දෙනෙත..
    රෑ කුමරි කෝල වී මුළු ගැහෙයි..
    විඳිමි මම ලඟ ලඟම එන ඒ ..
    අඩි සද්ද...

    ReplyDelete
  3. Galawaa wale wanuwaama......
    Hari lassanay Saariya......!

    ReplyDelete