Monday, September 29, 2014

ඩයනා වගේ!!!





.
මං ගඟක් වෙන්නම් 
ඔබ සඳක් වෙන්න.
එතකොට මට පුළුවන් 
මගේ තුළ ඔබ රුවාගෙන 
මිටියාවත් දිග ගලන්න
ඔබට තියෙන්නේ බලාන ඉන්න 
ඩයනා වගේ හිනාවෙන්න
අත උස්සල කොන්ඩෙ හදන්න 
අලුත් පැටන් එකේ ගවුම් අඳින්න 
ඇත්ත මුතු නැතිවුනාට 
බොරු මුතු හරි මාල දාන්න 
දියමන්ති වගේ දිළිසෙන 
සෙල්ලම් ගල් කරාඹු දාන්න 
අස්වයෙක් වගේ පිම්මේ යන්න පුළුවන් 
මට 
ඔබ මා තුළ හැංගී ඉන්න විට .

6 comments:

  1. Replies
    1. මං හඳක් වෙන්නම්
      ඔයාට ඕනෙමද ගඟක් වෙන්න?

      සීරුවට සීරුවට ගලනවද?
      මිටියාවත්වලට හොරෙන් වගේ
      නැත්නම් ඉහිරේවි මගෙ සේද ගවොම්
      වස කැතයි පොඩිවුනොතින්

      පිම්මෙ යන්නම ඕනෙද?
      අපිළිවෙල ගල් පතුරු මැද්දෙන්
      කැඩුනොත් එහෙම මුතුපොට
      දන්නවනෙ මුතු ගිනි ගණන්
      පැටලෙද්දි කෙහෙරැල් කරාබුවෙ
      මහා වදයක් මටනම්

      එහෙනම් ඉතින් මං හඳක් වෙන්නම්
      ඒත්
      ඔයාට බැරිද විලක් වෙන්න?
      අන්න එතකොට මටත් පුලුවන්
      ඩයනා වගේම හිනාවෙන්න.

      ;)

      Delete
  2. .
    මං විලක් වුනාමය කියමු.
    ඔයා එයි හවසට.
    හෙලවෙයි
    හුළං එන හැමවිට.
    හිස් තැනක් තියා මා ළඟ
    පැනල යයි උදේට.
    ප්‍රශ්නයි උත්තරයි
    දෙකම මට තමයි
    එතකොට.

    ReplyDelete
    Replies
    1. හෙලවෙන්නෙ ඔයා නෙව
      හුළඟ ඉඟිබිඟි දෙනකොට
      එතකොටයි මමත් යන්තම් බොඳවෙන්නෙ
      මටවත් අඳුනගන්න බැරි විදියට

      මං කියන්නද?
      ඔයා වෙන්නකො විලක්,
      පිපෙන්නම් මං
      වෙලා මානෙල් මලක්
      විල් ඉහේ රොන් ඉහ ඉහ
      අන්න එතකොට
      නෑ නේද හිස්තැනක්?

      Delete
  3. රසී............

    කවිය නම් නියමයි... ඇත්තට ම හිතෙට දැනෙන්න ලියලා... ඒ චින්තනය තමයි වටින්නේ රසී.. ලස්සනයි

    ReplyDelete
  4. ගී පවුරට ස්තුතියි!

    ReplyDelete