.
ඔබ
නැවතත් මග හැරෙන්න.
සිසිරයෙහි
හිම යට කුඩා දිය බිඳක් ව
මග හැරෙන්න.
ශරතයෙහි
ගසාගෙන යන වරා මලක්ව
මග හැරෙන්න.
අළුයමෙහි
මඳක් තෙත් පිණි අතර
ගොම්මනෙහි
සියුම් සෙවනැළි අතර
නැවත නැවතත් මග හැරෙන්න.
ඉතින් මට හැකිය
සෘතුවෙන් සෘතුවට
දින ගනින්න.
රැයත් දවාලත් අතර
මග බලන්න
මග හැරෙන්න හැබැයි ඇස්මානයේ ඉන්න
ReplyDeleteඇස් මානයෙන් ඔබ්බට
Deleteහිත් මානයෙන්
දවස් ගානකට උඩ මං ලියපු මගෙ කවියක්.. මේකට ටිකක් ගෑවෙන
ReplyDelete;
යළි නොඑයි ගිම්හානය
සිසිරයක සිරව ඇත
හදවත
වසන්තය මිහිරි කළ
දම් පැහැය
ශ්වේත වර්ණ තුහිනයක
සිරව ඇත...
යළි නොඑයි ගිම්හානය...
"සෘතුවෙන් සෘතුවට
ReplyDeleteදින ගනින්න.
රැයත් දවාලත් අතර
මග බලන්න"
හමු උනාම
කියන්න දේ
මහමෙරකට දරන් ඉන්න
ඔබේ මුහුණ
දෙස බලාන
වචන නැතිව
ගොළු වෙන්න
ලස්නයි...........
ReplyDeleteඒ වෙනස් වූ චින්තනය තමයි කවියක් වෙන්නේ.................. වැදගත් ඒ දෙය දිහා බලන කෝණයයි. හැමෝම දකින කෝණයෙන් එය සිද්ධියක් විතරයි. නමුත් වෙනස් කෝණයකින් ඒක කවියක්... ගීතයක්.... නිර්මාණයක්......................
හැමෝගෙම අදහස්, කවි මාර ලස්සනයි!
ReplyDeleteඅනේ මන්ද බන් ..කොහොම කමෙන්ට් එක දෙන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ.,..
ReplyDeleteමග හැරෙන්නෙමි නුඹට
ReplyDeleteඇවැසි දේ එයම නම්
දරා ඉන්නෙමි
දහසකුත් දේ අසනකම්
ඉකි බිඳින්නෙමි
දරාගෙන ලෝ සැහැසිකම්
මග හැරේවිද
ඉදින් අප පාරමී දම්...?
මගහැරෙනතාක් කල් මග බලා හිඳීවි. ඒ නිසා මගහැරෙන එකමයි හොඳ.
ReplyDeleteමග හැරෙන හැම කෙනෙක්ම ආයේ හමුවෙයිද?
ReplyDelete