Friday, September 19, 2014

නැවත නැවතත් මග හැරෙන්න!!!




.
ඔබ 
නැවතත් මග හැරෙන්න.
සිසිරයෙහි 
හිම යට කුඩා දිය බිඳක් ව
මග හැරෙන්න.
ශරතයෙහි 
ගසාගෙන යන වරා මලක්ව 
මග හැරෙන්න.
අළුයමෙහි 
මඳක් තෙත් පිණි අතර 
ගොම්මනෙහි 
සියුම් සෙවනැළි අතර 
නැවත නැවතත් මග හැරෙන්න.

ඉතින් මට හැකිය 
සෘතුවෙන් සෘතුවට
දින ගනින්න.
රැයත් දවාලත් අතර 
මග බලන්න


10 comments:

  1. මග හැරෙන්න හැබැයි ඇස්මානයේ ඉන්න

    ReplyDelete
    Replies
    1. ඇස් මානයෙන් ඔබ්බට
      හිත් මානයෙන්

      Delete
  2. දවස් ගානකට උඩ මං ලියපු මගෙ කවියක්.. මේකට ටිකක් ගෑවෙන
    ;

    යළි නොඑයි ගිම්හානය
    සිසිරයක සිරව ඇත
    හදවත
    වසන්තය මිහිරි කළ
    දම් පැහැය
    ශ්වේත වර්ණ තුහිනයක
    සිරව ඇත...
    යළි නොඑයි ගිම්හානය...

    ReplyDelete
  3. "සෘතුවෙන් සෘතුවට
    දින ගනින්න.
    රැයත් දවාලත් අතර
    මග බලන්න"

    හමු උනාම
    කියන්න දේ
    මහමෙරකට දරන් ඉන්න

    ඔබේ මුහුණ
    දෙස බලාන
    වචන නැතිව
    ගොළු වෙන්න

    ReplyDelete
  4. ලස්නයි...........

    ඒ වෙනස් වූ චින්තනය තමයි කවියක් වෙන්නේ.................. වැදගත් ඒ දෙය දිහා බලන කෝණයයි. හැමෝම දකින කෝණයෙන් එය සිද්ධියක් විතරයි. නමුත් වෙනස් කෝණයකින් ඒක කවියක්... ගීතයක්.... නිර්මාණයක්......................

    ReplyDelete
  5. හැමෝගෙම අදහස්, කවි මාර ලස්සනයි!

    ReplyDelete
  6. අනේ මන්ද බන් ..කොහොම කමෙන්ට් එක දෙන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ.,..

    ReplyDelete
  7. මග හැරෙන්නෙමි නුඹට
    ඇවැසි දේ එයම නම්
    දරා ඉන්නෙමි
    දහසකුත් දේ අසනකම්
    ඉකි බිඳින්නෙමි
    දරාගෙන ලෝ සැහැසිකම්
    මග හැරේවිද
    ඉදින් අප පාරමී දම්...?

    ReplyDelete
  8. මගහැරෙනතාක් කල් මග බලා හිඳීවි. ඒ නිසා මගහැරෙන එකමයි හොඳ.

    ReplyDelete
  9. මග හැරෙන හැම කෙනෙක්ම ආයේ හමුවෙයිද?

    ReplyDelete