Wednesday, September 17, 2014

අඬන හිනා!!




.

ඇතුගලේ ගෑවි ගෑවී 
වලාකුළු ඉගිළ යනවා.
බස් නැවතුමට තාමත් 
ඔරලෝසු කණුව පේනවා.
වෙලාව නැවතිලා ඇද්දැයි 
සෙල්ලමට වගේ හිතෙනවා.
කට කොනින් හිනාවෙන ගමන් මං 
හදවතින් හෝ ගාලා අඬනවා

8 comments:

  1. //ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ළිහිණි රෑන
    නුඹ ගැන කියන වචන
    උහුලා ගන්න බැරිව
    ඇතුගල වෙහෙර මලුවෙ මං
    ඇඩුවේ දුකට රත්තරං//

    නිර්මාණය ලස්සනයි රසී....

    ReplyDelete
  2. ගොඩක් ඉන්නේ එහෙම අයනේ රසි එළියෙන් පේන්න තියෙන දේට වඩා හාත්පසින් වෙනත් දෙයක් තමයි ඇතුලෙන් තියෙන්නේ.

    ReplyDelete
  3. ආයෙත්... හැබැයි ලීවෙ නෑනෙ දිග කවියක්...
    දුකයි අප්ප

    ReplyDelete
  4. ගොඩක් අය , කට කොනින් හිනාවෙන ගමන් හදවතින් අඬනවා

    ReplyDelete
  5. කව්රු කව්රුත් ඔහොම තමා

    ReplyDelete
  6. ඔක්කොටම ස්තුතියි ගොඩක්!

    ReplyDelete
  7. කොළඹ කොළඹ
    සීට් තියෙනවා
    කොන්දොස්තර කොලුවා
    පා පුවරුවේ සිට කෑගසනවා
    නෝනා නගිනවාද
    අහනවා

    නෑ
    තව ටිකක් බලනවා

    ReplyDelete
  8. ඔව්.තව ටිකක් බලන්න.

    ReplyDelete