Thursday, September 11, 2014

අන්තිම වරට හුස්ම ගත් දවස !!



මා දැනට මියගොසින් නම් 
ජීවත්ව සිටියා වෙන්න ඇති.
අන්තිම වරට හුස්ම ගත් දවස 
මට පවා අමතකව ඇති.

පෝර වතුර ලද සරු ගසක් වුව 
හිටිගමන් මිය යන්න හැකි. 
ඇඟිල්ලෙන් ඇන ඇහැරවන්නට 
ඔබ නැති නිසා වෙන්න ඇති.

8 comments:

  1. උඩුකුරුව සුදු ඇඳුමින්
    නොසලා ඇස් යන්තමින් වත්
    පෙට්ටියක් මත
    දවස් දෙක තුනක්...
    අයියො ්මැරිලත් වලට යන්න
    නැති හැටියක්..

    ReplyDelete
    Replies
    1. @ AMILA Liyanne nomathida soyura dan oba...
      Kata haaarawana rasa'thi
      Amu kunuharupa , goni gananing?
      Harima paaluy macho
      Ewaa nathiwa.

      Delete
  2. හැම මොහොතකම ළගින් සිටියා
    ඔබ නොදැක්කා වෙන්නට ඇති
    දුරින් මුත් නුඹ ළගින් සෙවණැල්ල මෙන්
    උන්න නොදැක්කා වෙන්නට ඇති..
    දමා යන්නට ඇස් පියා ගන්නට
    හිත හදා ගත්තේ ඒ නිසා වෙන්න ඇති..

    ලස්සන කවිය අක්කේ....
    ජයවේවා

    ReplyDelete
  3. වැඩියෙම භයානක ජිවත් වෙලා ඉන්න ගමන්ම මැරෙන එක.

    ReplyDelete
  4. "මා මගේ
    මරණයට
    අසරණ කෙරූ
    නුඹ
    මගේ මරණය
    හමුවේ
    නොවැලපී සිටිනා
    අරුමය
    ලොවට කියන්නේ
    කෙලසදෝ
    ඉතින්...........

    මා දැන්
    මියගිහින්..............."

    ReplyDelete
  5. මාත් උන්නා කියා
    නුඹට අමතක වෙන්න ඇති
    ඇහැරුවේ නැත්තෙ
    මට කලින්
    නුඹ ගිය නිසා
    වෙන්නත් ඇති

    ReplyDelete
  6. ස්තුතියි සැමට!

    ReplyDelete
  7. උඹත් ඇස් ඇර
    බලන්නේ නැති
    හුස්ම උණුහුම
    දැනෙන්නෙත් නැති

    බාගදා මං දන්නෙ නැතුවම
    උඹත් ඔතැනම මිය ගිහින් ඇති

    ReplyDelete