Monday, August 09, 2010

ප්‍රථම හාදුව...

අපි ඇවිදගෙන ගියා.
වක ගැහි ගැහී එහෙන් මෙහෙන් එබී එබී සෙවණැලි ඇවිදන් ආව අපි පසුපසින්.
විසල් රුක්ෂයක් යට සීතල පිරිලා තිබුනා.
අපි නැවතුනා.
සෙවණැලිත් නැවතුනා.
ඔබේ සෙවනැල්ල පහත්වී මගේ සෙවනැල්ලට උණුසුම් හාදුවක් දෙනු දැක මා විළියෙන් මුසපත් වුනා.
ඉන්පසු නැවතත් අපි ඇවිදගෙන ආවා.
අපේ සෙවණැලි දෙකක් නොව එකක් වී ඇති බව මා දුටුවේ එවිටයි.

2 comments:

  1. ඉන්පසු
    නැවතත් අපි
    ඇවිදිමින්

    ReplyDelete
  2. දැන් ...
    වෙනස් දෙන්නෙක්ව.

    ReplyDelete