ගැහැණුනි ...,
ගෙවල්වල සිටින
බත උයනු,රෙදි සෝදනු
දුහුවිලි පිසිනු,බුදුන් වඳිනු.
සක්වල කරක්ගසා එන පිරිමින්ට
පුද පූජා කරනු.
බැරිවෙලාවත් විහිළුවටවත්
කවියක් නම් නොලියනු.
මුහුණු පොත නම් නොබලනු.
ඒවා අයිති පිරිමින්ටය.
කවි ලිවිය යුතුම නම්
කවියට අධිපති මහතුන්ගෙන්
අවසර ගනු.
උන් කැමති කවි විතරක් ලියනු.
ඒත් ...
ගෙවල්වල සිටින
බත උයනු,රෙදි සෝදනු
දුහුවිලි පිසිනු,බුදුන් වඳිනු.
සක්වල කරක්ගසා එන පිරිමින්ට
පුද පූජා කරනු.
බැරිවෙලාවත් විහිළුවටවත්
කවියක් නම් නොලියනු.
මුහුණු පොත නම් නොබලනු.
ඒවා අයිති පිරිමින්ටය.
කවි ලිවිය යුතුම නම්
කවියට අධිපති මහතුන්ගෙන්
අවසර ගනු.
උන් කැමති කවි විතරක් ලියනු.
ඒත් ...
පිරිමි නමකින්...!
කදිමයි...!!!
ReplyDeleteපාරෙන් අයින් වෙනු
ReplyDeleteකවි වරුන් සහ
කවි භටයන් වඩින මග
අවශේෂ සියලු දෙන
භාර දෙනු
තමන් සතු පෑන්
හොරෙන් හරි ලියා අහුවුණොත්
බලා ගන්නට පුළුවන්
maru..
ReplyDeleteMaru..Eth mokada Mey?
ReplyDeleteකේන්තියෙන් ලියපු එකක්ද? මම ඇත්තටම කැමතියි. සුබපැතුම්.
ReplyDelete(රියර්ගේට් එකේ ලින්ක් එකක් තිබිලා ආවේ. නැත්තම් මේ වගේ සයිට් එකක් මගඇරෙනවා)
charmi,samara,outsider,jp,rukman
ReplyDeleteදුකට හවුල්වීම ගැන දුකයි.
අදයි දැක්කේ
ReplyDeleteඅපූරු කවි වියමන්
මෙතෙක් කල් නොදැක්කට
ඇන ගත්තා ටොක්කක්
හයියෙන්ම
කාර්ය බහුලකම
දුරස් කරනවිට
මා, මගේ ප්‍රියතම දේ වලින්
ගැහැණු රඟන
අපමණක් වූ භූමිකා
බෙදා නොගන්න පිරිමි
බැඳලා, කුදලලා
දමන්න හිතෙනවා
සප්ත මහා සයුරින් එහාටම