Saturday, August 21, 2010

ගැහැණුනි ...,
ගෙවල්වල සිටින
බත උයනු,රෙදි සෝදනු
දුහුවිලි පිසිනු,බුදුන් වඳිනු.
සක්වල කරක්ගසා එන පිරිමින්ට
පුද පූජා කරනු.
බැරිවෙලාවත් විහිළුවටවත්
කවියක් නම් නොලියනු.
මුහුණු පොත නම් නොබලනු.
ඒවා අයිති පිරිමින්ටය.
කවි ලිවිය යුතුම නම්
කවියට අධිපති මහතුන්ගෙන්
අවසර ගනු.
උන් කැමති කවි විතරක් ලියනු.
ඒත් ...
පිරිමි නමකින්...!

7 comments:

  1. පාරෙන් අයින් වෙනු
    කවි වරුන් සහ
    කවි භටයන් වඩින මග
    අවශේෂ සියලු දෙන
    භාර දෙනු
    තමන් සතු පෑන්
    හොරෙන් හරි ලියා අහුවුණොත්
    බලා ගන්නට පුළුවන්

    ReplyDelete
  2. කේන්තියෙන් ලියපු එකක්ද? මම ඇත්තටම කැමතියි. සුබපැතුම්.
    (රියර්ගේට් එකේ ලින්ක් එකක් තිබිලා ආවේ. නැත්තම් මේ වගේ සයිට් එකක් මගඇරෙනවා)

    ReplyDelete
  3. charmi,samara,outsider,jp,rukman
    දුකට හවුල්වීම ගැන දුකයි.

    ReplyDelete
  4. අදයි දැක්කේ
    අපූරු කවි වියමන්
    මෙතෙක් කල් නොදැක්කට
    ඇන ගත්තා ටොක්කක්
    හයියෙන්ම

    කාර්ය බහුලකම
    දුරස් කරනවිට
    මා, මගේ ප්‍රියතම දේ වලින්
    ගැහැණු රඟන
    අපමණක් වූ භූමිකා
    බෙදා නොගන්න පිරිමි
    බැඳලා, කුදලලා
    දමන්න හිතෙනවා
    සප්ත මහා සයුරින් එහාටම

    ReplyDelete