අපි වෙන්වෙන බව
කල්තියා දැනුනිනම්......
බස් එකේ දොඩ දොඩා යන'තර
අතින් අල්ලන්න තිබුනා.
'ස්වර්ණ කුණ්ඩල' බලන අතරෙදි
උරෙහි හිසලන්න තිබුනා.
මල්පාරේ තනිවෙච්චි මොහොතෙදි
මුහුණ සිප ගන්න තිබුනා!
කල්තියා දැනුනිනම්......
බස් එකේ දොඩ දොඩා යන'තර
අතින් අල්ලන්න තිබුනා.
'ස්වර්ණ කුණ්ඩල' බලන අතරෙදි
උරෙහි හිසලන්න තිබුනා.
මල්පාරේ තනිවෙච්චි මොහොතෙදි
මුහුණ සිප ගන්න තිබුනා!
මේක ලිව්වෙ මමද කියල බැලුවේ. (එහෙම උනා නං කොච්චර දෙයක්ද? ඔය අත්දැකීම මගෙම උනත් ඔච්චර හොඳට ලියන්න මට බෑ)
ReplyDeletecharmi කිව්ව දේම තමයි මටත් හිතුනේ.....
ReplyDeleteඔහොම හිතුණ අවස්ථා ගොඩක් එළඹිලා නැතිවෙලා ගියා... ඒත් ඒක කවියක් කලේ ඔබයි...
ReplyDeleteහරිම සරලව
ReplyDeleteහරිම සුගමව
හරිම ලස්සනට
charmi,outsider,chamila,samara,
ReplyDeleteඇත්තටමද කිව්වේ?මම මේක නොදා ඉන්න හිතලත් ආයේ දැම්ම.මට හිතුනා මේක බොළඳ වැඩි කියලා.ඒත් අපි හැමෝම කවදා හරි බොළඳ වෙලා තියෙනවනේ!
ජීවිතය
ReplyDeleteමොන මල මගුලක් උණත්
තිතක් දෙතිතක් හොයාගෙන
යා කරාගෙන
ආපහු යන්න
බහිරාවේෂණය කරන්න පුළුවන්
සරල රේඛාවක් නම් නොවෙයි
අත්දුටුවයි
සත්තයි
ලොකු...
ReplyDeleteජීවිතය මොකක් උනත්
අතීතය කියන රහස් දොරටුවෙන්
සිත රිංගා යන එක
නවත්තන්ට බැරිබව
සත්තයි!
අතීතය නම් රහස් දොරටුව...?
ReplyDeleteහොයනවා මම තවම...